ලේකම්තුමියගේ පණිවුඩය

ලේකම්තුමියගේ පණිවුඩය

 

පෞඪ ඉතිහාසයකට උරුමකම්පාන ඇල්පිටිය ප්‍රෙද්ශයේ ජනතා හිතෛෂී සේවයක් වෙනුවෙන් කැප වූ රාජ්‍ය ආයතනයක් ලෙස ඇල්පිටිය ප්‍රාදේශීය සභාව විසින් තවදුරටත් එම අරමුණ පුළුල් කරමින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හා අල්වැල් බැඳගෙන මෙම වෙබ් අඩවිය නිර්මාණය කිරීමට ලැබීමට හැකි විම ගැන ඉතා සතුටට පත් වෙමි.

වර්තමාන සමාජය නැතුවම බැරි අංගයක් වන තොරතුරු සන්නිවේදන තාක්ෂණය තුළින් ජනතාව වෙත කාර්යක්ෂ්‍යම හා ඵලදායි සේවයක් සැපයීම මෙන්ම වඩා නිරවද්‍ය තොරතුරු ඉතා කඩිනමින් සැපයීමට හැකියාව මින් ලැබේයැයි මම විශ්වාස කරමි.

මෙරටට සීමා නොවී විදේශීය වශයෙන් ද තොරතුරු අවශ්‍ය පුද්ගලයන් වෙත සේවා සැපයීමට මින් හැකියාව ලැබේ.

මාර්ගගත ගෙවීම් ක්‍රමය සඳහා මින් ඉඩ පහසුකම් ලැබෙන අතර ඉන් නොනැවති මහජනයා විසින් ඉදිරිපත් කරනු ලබන විවිධ ගැටළු සඳහා පිළිතුරු සපයන සක්‍රීය වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තුවන අතර ඉන් කාල කළමනාකරණය මනාව සිදු කිරීමට බලාපොරොත්තු වෙමි.

ඉදිරියේදී මෙම සේවාවන් සමඟ අත්වැල් බැඳ ගනිමින් සේවාව වඩාත් පුළුල්ව සැපයීම සඳහා ඔබගේ නොමඳ සහයෝගය ලැබෙතියි අපේක්ෂා කරන අතර මේ අවස්ථාවෙන් උපරිම පල නෙලා ගැනීමට ඔබ සැමට ඉඩහසර වෙන් කර ඇති සුහඳ සිතින් දන්වා සිටිමි.

ලේකම් – ප්‍රාදේශීය සභාව ඇල්පිටිය.