ගැලරිය

පළාත් පාලන සතිය – 2025, ඇල්පිටිය ප්‍රාදේශීය සභාව විසින් පළාත් පාලන සතියේ සමාරම්භක උත්සවය, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මැතිතුමා, ගරු ඇල්පිටිය ප්‍රාදේශීය සභා සභාපති සනත් ප්‍රියන්ත සුමනසිරි මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව සිදුකරන ලදී. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මණ්ඩලය, ප්‍රාදේශීය සභා ලේකම්තුමිය, සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුලු නිලධාරීන් ද මෙම අවස්ථාව සඳහා සහභාගී විය. ඉන් අනතුරුව ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ දී අක්ෂි සායනය සහ ප්‍රදේශයේ ස්ථාන දෙකක දී වරිපනම් බදු එකතු කිරීමේ ජංගම සේවයක් ද පවත්වන ලදී. මෙම සේවාවන් ලබා ගැනීම සඳහා ප්‍රදේශයේ විශාල පිරිසක් ඊට එක් විය.

Read More