භාවිතයෙන් ඉවත් කරන ලද අබලි අත් ට්‍රැක්ටරය වෙන්දේසිය සඳහා මිල ගණන් කැඳවීම.

භාවිතයෙන් ඉවත් කරන ලද අබලි අත් ට්‍රැක්ටරය වෙන්දේසිය සඳහා මිල ගණන් කැඳවීම.

භාවිතයෙන් ඉවත් කරන ලද අබලි අත් ට්‍රැක්ටරය වෙන්දේසිය සඳහා මිල ගණන් කැඳවීම.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ භාවිතයෙන් ඉවත් කරන ලද ලියාපදිංචිය අවලංගු කළ අබලි 78 – 0669 (SIFANG) අත්ට්‍රැක්ටරය වෙන්දේසි කිරීම සඳහා මා විසින් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ.

  • ටෙන්ඩර් අයදුම්පත් නිකුත් කිරීම 07.24 වන දින සිට 2025.08.06 දින පෙ.ව.10.00 දක්වා රජයේ වැඩකරන දිනයන්හි පමණක් ඇල්පිටිය පිටුවල පාර, පිහිටි ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලයේදී නිකුත් කරනු ලැබේ.
  • ආපසු නොගෙවන ටෙන්ඩර් පෝරම ගාස්තුව රු.1100 කි.
  • එක් අයදුම් කරුවෙක් එක් අයදුම් පතක් පමණක් ඉදිරිපත් කළ යුතුය.
  • මුද්‍රා තබන ලද මිල ගණන් 2025.08.06 වන දින පෙ.ව. 11.00 ට ප්‍රථම කාර්යාලයේ තබා ඇති ටෙන්ඩර් පෙටිට්යට දැමීම හෝ ලියාපදිංචි තැපෑලෙන්, සභාපති ඇල්පිටිය ප්‍රාදේශීය සභාව, නගර සභා මාවත, ඇල්පිටිය වෙත ඉදිරිපත් කළ හැක.
  • මිල ගණන් විවෘත කිරීම 08.06 දින පෙ.ව.11.30 ට සිදු කරනු ලැබේ. ටෙන්ඩර් විවෘත කිරීම සිදු කරන අවස්ථාවට ඔබට හෝ ඔබ විසින් බලය පවරනු ලබන නියෝජිතයෙකුට සහභාගි විය හැක.

 

වාහන පරීක්ෂාව

2025.07.24 දින සිට 2025.08.05 දින දක්වා සතියේ වැඩ කරන දිනයන් හි පෙ.ව. 09.00 සිට ප.ව. 03.00 දක්වාත් 2025.08.06 දින පෙ.ව 10.30  දක්වාත් ඇල්පිටිය ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාල භූමියේ දී සිදු කළ හැක.

විමසීම්:-  091-2291275

 

ටෙන්ඩර් විවෘත කර පිළිගැනීමෙන් පසු ඒ බව පිළිගත් ටෙන්ඩර්කරු වෙත ලියාපදිංචි තැපෑලෙන්/ දුරකථනය මඟින් හෝ පැමිණ සිටී නම් ඒ අවස්ථාවේදීම දැනුම් දෙනු ලැබේ.

පිළිගත් ටෙන්ඩර්කරු විසින් නියමිත මුදල් ගෙවා මිලදී ගත් අබලි එදින ප.ව.4.15ට ප්‍රථම සභා භූමියෙන් ඉවත් කර ගත යුතුය.

  • ටෙන්ඩර් පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම සම්බන්යෙන් අවසාන තීරණය ටෙන්ඩර් මණ්ඩලය සතුය.

අබලි පවතින තත්වයෙන් භාර ගත යුතු අතර ඉවත් කර ගැනීම සඳහා වන සියලු වියදම් මිලදී ගැනීමෙන් අනතුරුව ඔබ විසින් දැරිය යුතුය.

 

 

ප්‍රසම්පාදන කමිටු සභාපති

ප්‍රාදේශීය සභාව

ඇල්පිටිය.

July 25th, 2025