ගෝඨාභය රජ දවස ආරම්භ වූ මෙම විහාරස්ථානය ඇල්පිටිය ප්‍රදේශයේ ඇති එකම රාජමහා විහාරස්ථානයයි..අනුරාධපුර රාජධානි සමයේ මුල්ම සියවසේදී මෙම විහාරස්ථානය ආරම්භ විය .ගෝඨාභය රජු යනු කාවන්තිස්ස රජතුමාගේ සොහොයුරාය.මාගම රජ පෙළපතේ ආරම්භක සාමාජිකයෙක් වූ මොහු එවකට කතරගම රජ පෙලපතවූ දසබෑ රජවරුන් ඝාතනය කලෙන් එල්ලවූ බරපතල මහජන විරෝධය නිසා මාගම රාජධානියේ විසීම අනතුරු දායක වූ බැවින් තම පිරිවර සමග ගොළුවාමුල්ල නම් ගමට පැමිණ ගොළුවකු සේ අප්රකටව ජිවත් විනි.කාලයාගේ ඇවෑ මෙන් කලබල සංසිඳුණු කල්හි එම ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලනයන් ගෙන ගිය අතර එක් දිනක් වර්තමානයේ ගනේගොඩ පන්සල ඇති භුමිය අසල මාර්ගයේ ගමන් කරන විට එම රමණීය භුමි භාගය දැක එම ස්ථානයේ විහාරස්ථානයක් ගොඩනැගුවොත් මැනවයි සිතා එවකට එම ප්‍රදේශයේ වැඩ සිටි සුභද්‍ර නම් රහතන් වහන්සේට විහාරස්ථානය ගොඩ නගා පුජා කරන ලදී.
ගණේගොඩ පුරාණ රජමහා විහාරය
June 10th, 2024